Friday, April 24, 2020

61-5856 දරණ බස් රතය 1983 වසරේ නිසාන් සමාගමේ නිෂ්පාදනයකි. ආසන 26කින් යුක්ත මෙම බස් එන්ජින් අංක:ED33-042010 අයත් වේ. සිවිලියන් කාණ්ඩයේ බස්‍රතයක් වන මෙය 


N-MGW40 වර්ගයට අයත්වේ.
බස් රතය හෙට්ටිපොල - නාරම්මල දාවනය වේ.
බස් රතයේ හිමිකම: ආරාධනා ප්‍රවාහන සේවය සතුවේ.

චායාරූප අයිතිය: විහංග එදිරිසූරිය මහතා සතුවේ.


325-1803 දරණ මෙම බස් රතය 1988 වසරේ ඉසුසු සමාගමේ නිෂ්පාදනයකි. එන්ජින් අංක:6BD1-457248 

දරණ: 
:JALMT 111 වර්ගයට අයත්වේ. මනා නඩත්තුවකින් හා පාවිච්චියකින් යුතු මෙම බස් රතය සං‍රක්ෂ්ණය විය යුතු රතයකි.

චායාරූප අයිතිය: රියසෙවන වෙබ් අඩවිය සතුවේ.
අන්කොමන් සමූහයට එක කලේ : ශ්‍රීලාල් කුලසේකර මහතා විසිනි.


:
wpNC-2974 දරණ මෙම බස් රතය දුර්ලභ හෝ ඉපැරණි බස් රතයක් නොවන අතර මෙය මේ බ්ලොග් අඩවියට එක් කරන්නේ කරන්නා වූ සේවාව වෙනුවෙන්ම පමණි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම විසින් 2014 වසරේ නිෂ්පාදිත. එන්ජින් අංක: EREZ207364 දරණ LANKA ASHOK LEYLAND VIKING 4CTI වර්ගයට අයත් බස්‍ රතයකි. ආසන 36කින් සමන්විත්වන මෙහි තනි දොරටුවක් පමණක් ඇත. මහනුවර සිට උඩබෝවල දක්වා ධාවනයට එක් කර ඇති මේම බස් රතය මෙම චායාරූපය ගන්නා විට ධාවනයේ යෙදුනේ මහනුවර ඔරලෝසුකණුව නැවතුමේ සිට මහනුවර මහ රෝහල දක්වායි. කුලීරත විසින් හිතුමත්‍යේ රෝගින්ගෙන් මුදල් ගසාකෑම විශාල ලෙස සිදුවූ මෙම මාර්ගයට මෙම බස් රතය සේවාවක් ලෙස එක කරනු ලැබුවේ මහනුවර දකුණු ඩිපෝව විසිනි. ඉතාම සාධාරණ මුදලකට රෝගීන්ට රෝහලවෙත යෑමට මෙමගින් අවස්තාව හිමිවේ.

චායාරූප අයිතිය: රුචිර මධුසංඛ මහතා සතුවේ. 
         cpGE-9850 දරණ බස් රතය ටාටා සමාගමේ නිෂ්පාදනයකි. ආසන 36 කින් සමක්විත මේ බස් රතය තනි දොරටුවක් සහිත බස් රතයකි. මහනුවර සිට මාර්ග අංක; 657 ඔස්සේ වටපුලුවගම දක්වා දාවනය වන අතර. අමතර හෝ තාවකාලික ගමන්වාර සදහා මහනුවර 693/2 මාපනාවතුර ( වට්ටාරන්තැන්න) දක්වා ගමන් ගනී. අදාල ගමන් මාර්ගයේ ධාවනය වන එකම බස් රතය වන අතර 693/2 මාර්ගයේ ආධායමට වඩා අධාල ජනතාවට සේවයක් ලෙස බස් රතය ධාවනය එක් කරයි. එකදු බස් රතයක්වත් 693/2 මාර්ගයේ ධාවනය නොවේ.

චායාරූප අයිතිය: රුචිර මධුසංඛ මහතා සතුවේ.

Sunday, January 5, 2020

29 ශ්‍රී 4244 යන ඉසුසු සමාගමේ නිෂ්පාදනයක් ලෙස ලංකාවට ගෙන්වන ලදී. 2008-2009 වසර වලදී ධාවනයෙන් ඉවත් කරන ලදී. මහනුවර සිට මාර්ග අංක 698 ඔස්සේ හාරගම සේවාව සදහා යොදවන ලදී. බස් රතයේ ආසන සියල්ලක්ම ෆයිබර් උපයෝගී කරගෙන නිෂ්පාදනය කර තිබිණ.
බස් රතයේ හිමිකම- මහනුවර, ගුරුදෙණිය- සිගිති ප්‍රවාහන සේවය සතුවේ.

චායාරූප අයිතිය: මධුසංක ගෙදරකුඹුර මහතා සතුවේ.
NB-0946 යන අංකයට ලියාපදිංචි ටාටා සමාගම 2010 වසරේ නිෂ්පාදිත ස්ටාර් බස් ඒ.ජී.සී.එල් වර්ගයේ බස් රතයකි. ආසන 42 කින් හා ඇතුලත මනා ඉඩකඩකින් සමන්විත බස් රතයකි. වර්තමානය වන විට මාර්ග අංක 654 ඔස්සේ මහනුවර - නිතුලේමඩ (කුණ්ඩසාල පාර-දිගන) සේවාවේ යොදවා ඇත.
බස් රතයේ හිමිකම: මහනුවර එස්.එස්.එස්. ප්‍රවාහන සේවය සතුවේ.

චායාරූප අයිතිය: රුචිර මදුසංඛ මහතා සතුවේ.
GREATWALL සමාගමේ නිෂ්පාදනයක් ලෙස ලංකාවට ගෙන්වනු ලැබුවේ සිනෝ ලංකා ඔටෝමොබයිල්ස් පුද්ගලික සමාගම විසින්. 61-8798 අංකය යටතේ ලියාපදිංචිව, ජයවීර ප්‍රවාහන සේවය යටතේ මහනුවර සිට මාර්ග අංක 22 ඔස්සේ අම්පාර දක්වා අන්තර් පලාත් සේවාවේ යොදවා පසුව මාර්ග අංක 654/2 යටතේ මහනුවර - දිගන සේවාව සදහා යොදවා ඇත.
බස් රතයේ හිමිකම: මහනුවර, දිගන - ප්‍රදීපා ප්‍රවාහන සේවය සතුවේ

චායාරූප අයිතිය: රුචිර මදුසංඛ මහතා සතුවේ.

Saturday, January 4, 2020

cpGN-3275 දරණ ටාටා බස් රතය. මුල්ම ධාවනය මහනුවර සිට මාර්ග අංක 626 රිකිල්ලගස්කඩ දක්වා ධාවනයේ යොදවා ඇත. පසුව 2002 හෝ ආසන්න වසරක සිදුවූ රිය අනතුරකින් පසු බස් රතය මහනුවර සිට මාර්ග අංක 698 යටතේ හාරගම ගමනාන්තය දක්වා සේවයේ යොදවා ඇත. ඇතුලත මනා ඉඩ පහසුකමක් මෙන්ම, සුව පහසු පලල් ආසන පවතී.
බස් රතයේ හිමිකම: මහනුවර, ගුරුදෙණිය - සිගිති ප්‍රවාහන සේවය සතුවේ.

චායාරූප අයිතිය: රුචිර මදුසංඛ මහතා සතුවේ.


61-1743 දරණ කේ.ටී.ජී. 90 (කතරගම ලංගම ඩිපෝව සතු බස් රතය)
මර්සිඩින්ස් බෙන්ස් සමාගම 1990 වසරේ නිෂ්පාදිත නෙල්සන් 1113 වර්ගයට අයත් වේ. චායාරූප ගතකරන අවස්තාවේ තිස්සමහාරාමයේ - තණමල්විල අතර ධාවකයේ යොදවා ඇත.
බස් රතයේ අයිතිය: කතරගම ලං.ගම ඩිපෝව සතුවේ.

චායාරූප අයිතිය: ශලිංක ජයසිංහ මහතා සතුවේ.



ටාටා සමාගම 2004 වර්ෂයේ නිෂ්පාදිත 1510 වර්ගයට අයත් ආසන 42ක බස් රතය. අනුරාධපුර 42 මහනුවර ධාවනයෙන් පසු, මහනුවර 725 නාවලපිටිය ධාවනය වූ අතර වර්තමානයේ හාරගම 698 මහනුවර ඔස්සේ ධාවනය වෙයි.  දිනපතා වාර 4 ක් ධාවනයේ යෙදේ.
දුර ප්‍රමාණය: කි.මි. 14
ගමන් මාර්ගය: මහනුවර- රතු බෝක්කුව- මහමායා- ධර්මරාජ- බූවැලිකඩ- තල්වත්ත- තැන්නේකුඹුර
ඉලුක්මෝදර- පිච්චමල්වත්ත- ගුරුදෙණිය- කැදවල මඩිත්ත- මාලිගතැන්න- හාරගම
මාර්ග අංක: 698
බස් රතයේ හිමිකම - ගුරුදෙණිය, මාලිගාතැන්නේ "සයුරි ප්‍රවාහන සේවය" සතුවේ.
චායාරූප අයිතිය: අජිත් මැණික්දිවෙල මහතා සතුවේ.
ටාටා සමාගම 1990 වසරේ නිෂපාදනය කල බස් රතයකි. ආසන 42.
වර්තමානයේ: ඇල්ලෙගල - තිස්සමහාරාම ධාවනය වේ.
චායාරූප: දමින්ද ප්‍රසන්ගික මහතා සතුවේ.

මර්සිඩිස් බෙන්ස් සමාගම විසින් 1990 වසරේ නිෂ්පාදනය කරන ලද බස් රතයකි. 1113 NELSON  වර්ගයට අයත් මෙම බස් රතය වර්තමානය වන විට " ඇතාබැදි වැව- මනම්පිටිය හරහා ගලේවෙල-දඹුල්ල ධාවනය වේ.
එන්ජින් අංක-35290620497568
චායාරූපය: ලක්ෂාන් එස්. දිසානයක මහතා සතුවේ.
Mercedes Benz 1113 B class buses which were imported in the early 1970s by the CTB. Photo taken in Nugegoda around 2009 when used by a private operator.
තොරතුරු හා චායාරූපය: රොහාන් නානයක්කාර මහතා සතුවේ
cpNG-9696 දරණ අංකයට ලියාපදිංචි හීනෝ සමාගමේ නිෂ්පාදිත හයිබ්‍රිඩ් (දෙමුහුන්) වර්ගයේ බස්‍ රතයකි.
වර්තමානයේ මාර්ග අංක: 602 ඔස්සේ මහනුවර සිට කුරුණෑගල දක්වා සුඛෝපබෝගී සේවා ලෙස ධාවනය වේ.
මෙම බස් රතයේ හිමිකාරිත්වය : මහනුවර-හාරගම, උඩරට සදැල්ලේ පිහිටි යූ.යූ සංචාරකයෝ සතුවේ.
චායාරූප අයිතිය: නාලක ප්‍රදීප් මහතා සතුවේ.

Competition between Dimo and La'Tec 25 Years Ago
වසර 25කට පෙර ඩීමෝ සහ ලටෙක් අතර පැවති තරඟකාරිත්වය.

note by: mr. shalinka jayasinghe