Friday, April 24, 2020

wpNC-2974 දරණ මෙම බස් රතය දුර්ලභ හෝ ඉපැරණි බස් රතයක් නොවන අතර මෙය මේ බ්ලොග් අඩවියට එක් කරන්නේ කරන්නා වූ සේවාව වෙනුවෙන්ම පමණි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම විසින් 2014 වසරේ නිෂ්පාදිත. එන්ජින් අංක: EREZ207364 දරණ LANKA ASHOK LEYLAND VIKING 4CTI වර්ගයට අයත් බස්‍ රතයකි. ආසන 36කින් සමන්විත්වන මෙහි තනි දොරටුවක් පමණක් ඇත. මහනුවර සිට උඩබෝවල දක්වා ධාවනයට එක් කර ඇති මේම බස් රතය මෙම චායාරූපය ගන්නා විට ධාවනයේ යෙදුනේ මහනුවර ඔරලෝසුකණුව නැවතුමේ සිට මහනුවර මහ රෝහල දක්වායි. කුලීරත විසින් හිතුමත්‍යේ රෝගින්ගෙන් මුදල් ගසාකෑම විශාල ලෙස සිදුවූ මෙම මාර්ගයට මෙම බස් රතය සේවාවක් ලෙස එක කරනු ලැබුවේ මහනුවර දකුණු ඩිපෝව විසිනි. ඉතාම සාධාරණ මුදලකට රෝගීන්ට රෝහලවෙත යෑමට මෙමගින් අවස්තාව හිමිවේ.

චායාරූප අයිතිය: රුචිර මධුසංඛ මහතා සතුවේ. 

No comments:

Post a Comment