N-MGW40 වර්ගයට අයත්වේ. බස් රතය හෙට්ටිපොල - නාරම්මල දාවනය වේ. බස් රතයේ හිමිකම: ආරාධනා ප්‍රවාහන සේවය සතුවේ. චායාරූප අයිතිය: විහංග එදිරිසූරිය මහතා සතුවේ. |
Uncommon Buses In Sri Lanka
ලංකාවේ අභාවයට යමින් පවතින දුර්ලභ ගනයේ බස් රත සදහා නිර්මාණය කර ඇති බ්ලොග් අඩවියකි. මෙම බ්ලොග් අඩවියේ පවතින සියලුම බස් රත තොරතුරු හා චායාරූප www.facebook.com/uncommonbusesinsrilanka සමූහයෙන් නිලවශයෙන් උපුටා ගෙන ඵලකරන ඒවා වන අතර, මෙම බ්ලොග් අඩවියද අන්කොමන් බසස් සමූහය සතු දේපලකි.
Friday, April 24, 2020
wpNC-2974 දරණ මෙම බස් රතය දුර්ලභ හෝ ඉපැරණි බස් රතයක් නොවන අතර මෙය මේ බ්ලොග් අඩවියට එක් කරන්නේ කරන්නා වූ සේවාව වෙනුවෙන්ම පමණි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම විසින් 2014 වසරේ නිෂ්පාදිත. එන්ජින් අංක: EREZ207364 දරණ LANKA ASHOK LEYLAND VIKING 4CTI වර්ගයට අයත් බස් රතයකි. ආසන 36කින් සමන්විත්වන මෙහි තනි දොරටුවක් පමණක් ඇත. මහනුවර සිට උඩබෝවල දක්වා ධාවනයට එක් කර ඇති මේම බස් රතය මෙම චායාරූපය ගන්නා විට ධාවනයේ යෙදුනේ මහනුවර ඔරලෝසුකණුව නැවතුමේ සිට මහනුවර මහ රෝහල දක්වායි. කුලීරත විසින් හිතුමත්‍යේ රෝගින්ගෙන් මුදල් ගසාකෑම විශාල ලෙස සිදුවූ මෙම මාර්ගයට මෙම බස් රතය සේවාවක් ලෙස එක කරනු ලැබුවේ මහනුවර දකුණු ඩිපෝව විසිනි. ඉතාම සාධාරණ මුදලකට රෝගීන්ට රෝහලවෙත යෑමට මෙමගින් අවස්තාව හිමිවේ.
චායාරූප අයිතිය: රුචිර මධුසංඛ මහතා සතුවේ.
චායාරූප අයිතිය: රුචිර මධුසංඛ මහතා සතුවේ.
cpGE-9850 දරණ බස් රතය ටාටා සමාගමේ නිෂ්පාදනයකි. ආසන 36 කින් සමක්විත මේ බස් රතය තනි දොරටුවක් සහිත බස් රතයකි. මහනුවර සිට මාර්ග අංක; 657 ඔස්සේ වටපුලුවගම දක්වා දාවනය වන අතර. අමතර හෝ තාවකාලික ගමන්වාර සදහා මහනුවර 693/2 මාපනාවතුර ( වට්ටාරන්තැන්න) දක්වා ගමන් ගනී. අදාල ගමන් මාර්ගයේ ධාවනය වන එකම බස් රතය වන අතර 693/2 මාර්ගයේ ආධායමට වඩා අධාල ජනතාවට සේවයක් ලෙස බස් රතය ධාවනය එක් කරයි. එකදු බස් රතයක්වත් 693/2 මාර්ගයේ ධාවනය නොවේ.
චායාරූප අයිතිය: රුචිර මධුසංඛ මහතා සතුවේ.
චායාරූප අයිතිය: රුචිර මධුසංඛ මහතා සතුවේ.
Sunday, January 5, 2020
29 ශ්‍රී 4244 යන ඉසුසු සමාගමේ නිෂ්පාදනයක් ලෙස ලංකාවට ගෙන්වන ලදී. 2008-2009 වසර වලදී ධාවනයෙන් ඉවත් කරන ලදී. මහනුවර සිට මාර්ග අංක 698 ඔස්සේ හාරගම සේවාව සදහා යොදවන ලදී. බස් රතයේ ආසන සියල්ලක්ම ෆයිබර් උපයෝගී කරගෙන නිෂ්පාදනය කර තිබිණ.
බස් රතයේ හිමිකම- මහනුවර, ගුරුදෙණිය- සිගිති ප්‍රවාහන සේවය සතුවේ.
චායාරූප අයිතිය: මධුසංක ගෙදරකුඹුර මහතා සතුවේ.
බස් රතයේ හිමිකම- මහනුවර, ගුරුදෙණිය- සිගිති ප්‍රවාහන සේවය සතුවේ.
චායාරූප අයිතිය: මධුසංක ගෙදරකුඹුර මහතා සතුවේ.
NB-0946 යන අංකයට ලියාපදිංචි ටාටා සමාගම 2010 වසරේ නිෂ්පාදිත ස්ටාර් බස් ඒ.ජී.සී.එල් වර්ගයේ බස් රතයකි. ආසන 42 කින් හා ඇතුලත මනා ඉඩකඩකින් සමන්විත බස් රතයකි. වර්තමානය වන විට මාර්ග අංක 654 ඔස්සේ මහනුවර - නිතුලේමඩ (කුණ්ඩසාල පාර-දිගන) සේවාවේ යොදවා ඇත.
බස් රතයේ හිමිකම: මහනුවර එස්.එස්.එස්. ප්‍රවාහන සේවය සතුවේ.
චායාරූප අයිතිය: රුචිර මදුසංඛ මහතා සතුවේ.
බස් රතයේ හිමිකම: මහනුවර එස්.එස්.එස්. ප්‍රවාහන සේවය සතුවේ.
චායාරූප අයිතිය: රුචිර මදුසංඛ මහතා සතුවේ.
GREATWALL සමාගමේ නිෂ්පාදනයක් ලෙස ලංකාවට ගෙන්වනු ලැබුවේ සිනෝ ලංකා ඔටෝමොබයිල්ස් පුද්ගලික සමාගම විසින්. 61-8798 අංකය යටතේ ලියාපදිංචිව, ජයවීර ප්‍රවාහන සේවය යටතේ මහනුවර සිට මාර්ග අංක 22 ඔස්සේ අම්පාර දක්වා අන්තර් පලාත් සේවාවේ යොදවා පසුව මාර්ග අංක 654/2 යටතේ මහනුවර - දිගන සේවාව සදහා යොදවා ඇත.
බස් රතයේ හිමිකම: මහනුවර, දිගන - ප්‍රදීපා ප්‍රවාහන සේවය සතුවේ
චායාරූප අයිතිය: රුචිර මදුසංඛ මහතා සතුවේ.
බස් රතයේ හිමිකම: මහනුවර, දිගන - ප්‍රදීපා ප්‍රවාහන සේවය සතුවේ
චායාරූප අයිතිය: රුචිර මදුසංඛ මහතා සතුවේ.
Subscribe to:
Posts (Atom)